සැම්සුන්ග් සමාගමෙන් Galaxy Mega නමින් විශාල දුරකථ



සැම්සුන්ග් සමාගම Galaxy S4 දුරකථනය නිකුත් කර වැඩි කාලයක් යන්නට මත්තෙන්ම Galaxy Mini දුරකථනය ගැන කතා බහ ඇති වුණා. එයින් නොනැවතී ඔවුන් දැන් Galaxy ඛාණ්ඩයේම තවත් අලුත් දුරකථන දෙකක් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය ප්‍රමාණයෙන් ඔබ්බට යමින් නිර්මාණය කර ඇති මේ ජංගම දුරකථන දෙක Galaxy Mega 6.3 සහ Galaxy Mega 5.8 නමින් හඳුන්වනවා.

මේ දුරකථන දෙකම Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ධාවනය වන dual core processors සහ 8MP cameras සහිත ජංගම දුරකථන දෙකක්. මෙහි පෙනුම උදක්ම Galaxy S3 සහ Galaxy Note 2 වලට සමාන වනවා.

Samsung Galaxy Mega 6.3
  Samsung Galaxy Mega 6.3

Galaxy Mega 6.3 නිකුත් වන්නේ අඟල් 6.3ක HD විභේදනයෙන් යුත් TFT capacitive තිරයක් සමගින්. 1.7GHz dual-core processor එකක්, 8MPප්‍රධාන කැමරාවක්, 1.9MP ඉදිරිපස කැමරාවක් මෙහි ඇති අනෙක් අංගයන්. තවද 1.5GB RAM එකක් මෙහි අන්තර්ගතයි. මෙහි සම්පූරණ විස්තරය පහත පරිදියි.
  • 6.3-inch HD 720p TFT capacitive තිරය
  • 1.7GHz dual-core ප්‍රොසෙසරය
  • 1.5 GB RAM
  • 8GB හෝ16GB Internal Memory
  • 64GB දක්වා micro SD භාවිතා කිරීමට හැකියි
  • Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය
  • auto-focus හා LED Flash සහිත 8MP පසුපස ප්‍රධාන කැමරාව
  • 1.9MP ඉදිරිපස කැමරාව
  • 7.9mm ඝණකම
  • බර ග්‍රෑම් 199 යි
  • 4G LTE, Bluetooth 4.0, NFC තාක්ෂණයන්
  • 3200 mAh බැටරිය
Samsung Galaxy Mega 5.8

Samsung Galaxy Mega 5.8

කලින් සඳහන් කළ Mega 6.3 ට වඩා මෙය තරමක් කුඩයි. මෙහි ඇත්තේ අඟල් 5.8ක තිරයක්. මෙහි බොහෝ විශේෂතා කලින් දුරකථනයට වඩා අඩු වුවත් මෙහි ඇති ප්‍රධානම විශේෂත්වය වන්නේ ඩුවල් සිම් භාවිතා කිරීමට ඇති හැකියාවයි. අනෙක් විශේෂතා පහත පරිශි වනවා,
  • 5.8-inch qHD TFT capacitive තිරය
  • 1.4GHz dual-core ප්‍රොසෙසරය
  • Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය
  • 1.5 GB RAM
  • 8GB Internal Memory
  • 64GB දක්වා micro SD භාවිතා කිරීමට හැකියි
  • auto-focus හා LED Flash සහිත 8MP පසුපස ප්‍රධාන කැමරාව
  • 1.9MP ඉදිරිපස කැමරාව
  • Dual SIM (GSM + GSM) භාවිතයට හැකියාව හා dual standby
  • 9.0mm ඝණකම
  • බර ග්‍රෑම් 182 යි
  • 2600 mAh බැටරිය
සැම්සුන්ග් සමාගමේ Galaxy ඛාණ්ඩයෙන් නිකුත් වූ තරමක් විශාල උපාංග අතර Galaxy Note 2 හොඳ අළෙවියක් පෙන්නුම් කොට තිබියදීත් මෙතරම් විශාල දුරකථන දෙකක් නැවතත් ඉදිරිපත් කළේ ඇයි දැයි ගැටළුවක්. බොහෝ විට ඒ අප වැනි ඉහල ආර්ථික තත්ත්වයක් නැති රටවල් වල වෙළඳපොළ ඉලක්ක කර ගෙන විය හැකි බවද මේ දුරකථන දෙකේ අවම පහසුකම් දෙස බැලූ විට පසක් වනවා. කෙසේ වෙතත් මෙහි මිළ අපට දැනගැනීමට ලැබෙන්නේ ලබන මැයි මාසයේ මෙය නිකුත් වූවාට පසුවයි.

source:elakiri

No comments:

Post a Comment

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...

Blogger templates

lankeeya sithuwili