- ලොව ප්‍රථම අතේ ගෙන යා හැකි වානිජ්‍ය දුරකථනය නිපදවූයේ Motorola සමාගම විසින්. එය DynaTAC 8000X නම් වූවා.
- ලොව ප්‍රථම SMS පණිවිඩය යවා තිබෙන්නේ 1992දී.
- මුළු ලෝකයේම වැඩ කරන ජංගම දුරකථන බිලියන 3.5ක් තිබෙනවා. එය ලොව මුළු ජනගහනයෙන් හරි අඩක් වැනි අගයක්.
- එම බිලියන 3.5න් 70%ක්ම නිපදවන්නේ චීනයේ.
- සෑම විනාඩියකට වරක්ම ජංගම දුරකථන දහසක් ක්‍රියාත්මක (switch on) වනවා.
- දුරකථන සේවා සපයන සමාගම් වල ආදායමෙන් 20%ක්ම ලැබෙන්නේ SMS වලින්.
- ලොව වැඩියෙන්ම අළෙවි වූ ජංගම දුරකථනය Nokia 1100, ඒ අළෙවි කිරීම් මිලියන 250ක් සමගින්.
- ජංගම දුරකථන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නමුත් ඒ සඳහා යොමු වන්නේ භාවිත කරන්නන්ගෙන් 2.3% පමණයි.
- දුරකථනයට සවන්දීම සඳහා වම් කණ භාවිතය වඩා සුදුසු බව Apollo medical team පවසනවා. එවිට මොළයට දුරකථනයෙන් ඇතු බලපෑම මද බවයි පැවසෙන්නේ.
- ජංගම දුරකථන භාවිත කරන්නන්ගෙන් 2/3ක්ම තම දුරකථනයේ backlight එක flash light එකක් ලෙස යොදා ගන්නවා.
- ලෝකයටම පොදු හදිසි ඇමතුම් අංකය වන 112 ඇමතීමට දුරකථන සංඥා, මුදල් ආදිය අවශ්‍ය වන්නේ නැහැ.
ජංගම දුරකථන ගැන රසවත් කරුණු කිහිපයක්
Labels:
දැනුමට
Subscribe to:
Post Comments (Atom)
නොකියා වලට තාම අපේ අය ආසයි අර පරණ පුරුද්ද නිසා..
ReplyDelete