මෙතෙක් හැදු බෝම්බ සහ හැදීමට නියමිත බෝම්බ




රතිඤ්ඤා යනු ඉතාම ප්‍රාථමික බෝම්බයකි.පිපුරුම නිසා හටගන්නා අධික පීඩනය ශක්තිය බවට පරිවර්තනය කර මුදාහරින සාම්ප්‍රදායික බෝම්බ Conventional බෝම්බ ලෙස හඳුන්වන අතර එසේ නොවන න්‍යෂ්ටික බෝම්බ Nonconventional බෝම්බ ලෙස හඳුන්වනු ලැබේ.පලමු කාණ්ඩයට අයත් බෝම්බ වර්ග 17ක් තිබෙන අතර ඒවායින් පහත දැක්වෙන බෝම්බ විශේෂිතය.එනම්,


1.Bouncing Bomb හෙවත් ඉපිලෙන බෝම්බ
දෙවන ලෝක යුද්ධයේදී සබ්මැරීන් නාශක ටොර්පිඩෝ බෝම්බ වලින් ගැලවී නැව් විනාශ කිරීම සඳහා 1943දී බ්‍රිතාන්‍යය විසින් සාදන ලදී.සාමාන්‍යයෙන් මුහුදු බෝම්බයක් ජලයට හෙලූවිට එය විනාශ කිරීමට ටෝර්පිඩෝ බෝම්බ වලට පුළුවන.Bouncing බෝම්බය ගුවන් යානයක් මඟින් සාගරය මතට දැමූ විට එය ජලය මතුපිට පැන පැන ගොස් අවශ්‍ය ඉලක්කයෙහි ගැටී පුපුරයි.එහි ගමන සිදුවන්නේ ජලය මතුපිට නිසා ටොර්පිඩෝ වලින් ගැලවීමට එයට පුළුවන.



2.Bunker Buster Bomb(බංකර් බස්ටර් බෝම්බ)
ජර්මන් ඉංජිනේරුවන්ගේ පර්යේෂණවල ප්‍රතිඵලයකි.අද වන විට අඩි 1 ඝනකම කොන්ක්‍රීට් තට්ටුවල සිට අඩි 26ක් දක්වා ඝනකම් වූ කොන්ක්‍රීට් බංකර් තට්ටු කඩාගෙන ගමන් කිරීමට මේ බෝම්බ වලට හැකිය.ඉරානයට එරෙහි ඇමරිකන් ආක්‍රමණයේදී බහුල ලෙස පාවිච්චි කරන ලදි.සදාම් හුසේන්ගේ පුතුන් දෙදෙනා ඝාතනය කළේ මෙම බෝම්බයක් යොදා ගනිමිනි.


3.Molotor cocktail Bomb(මොලටොව් කොක්ටේල් බෝම්බ)
1939 දී රුසියානුවෝ ලෝක යුද්ධය පිට දමා පින්ලන්තය ආක්‍රමණය කළහ.එහිදී එම ආක්‍රමණයට මුල්වූ රුසියන් (සෝවියට්)ආරක්ෂක ඇමති වියචෙසලොව් මොලටෙව්ට අපහාසයක් වශයෙන් මෙලටොව් කොක්ටේල් නැමති ඉතාම සරල බෝම්බය නිපදවන ලදී.මෙය පෙට්ට්‍රල් බෝම්බ ලෙස ප්‍රසිද්ධය.



4.Cluster Bomb(ක්ලස්ටර් බෝම්බ)
එක් ප්‍රධාන බෝම්බයකින් සහ එයට සම්බන්ධ කුඩා බෝම්බ විශාල පුමාණයකින් සමන්විත මෙය පෙකුරු බෝම්බ ලෙස ප්‍රකටය.බොහෝ රටවල තහනම් ආයුධයකි.දෙවන ලෝක යුද්ධයේදී නිෂ්පාදනය කර පසු කාලයේදී විද්‍යාත්මකව සංවර්ධනය කළ අතර අදටත් විවධ සංග්‍රාම වලදී රහසිගතව පාවිච්චි කෙරේ.මේ මඟින් සිවිල් වැසියන්ට වන හානිය ඉතා විශාලය.


5.Thermobaric Bomb(තර්මෝබැරික් බෝම්බ)
සාමාන්‍ය බෝම්බයක් මඟින් ඇතිකරන පිපිරුම් කම්පන තරංග වලට වඩා වැඩි කාලයක් රඳා සිටින කම්පන තරංග මේ මඟින් නිකුත් කෙරේ.ඒ නිසා ගොඩනැඟිලි සහ මිනිස් ජීවිත වලට සිදුවන හානිය විශාලය.රෙකට් ලොන්චර්වලට සවිකල හැකි බෝම්බ විශේෂයකි.



සාම්ප්‍රදායික නොවන හෙවත් Nonconventional කාණ්ඩයට අයත් බෝම්බ වර්ග 8ක් ඇත.ඒ සියල්ලම එකසේ වැදගත්ය.

1.පරමාණු බෝම්බය
පරමාණුව කැඩීමේදී මුදාහැරෙන ශක්තිය මූලික කරගෙන නිපදවෙන ලද බෝම්බයකි.මෙය පරමාණු විඛණ්ඩනය ලෙස හැඳින්වේ.පරමාණු බෝම්බ සෑදීමේ පර්යේෂණ මුල්වරට අරඹන ලද්දේ 1930දීය.පරමාණු බෝම්බ මඟින් තාපය මෙන්ම න්‍යෂ්ටික විකිරණද නිකුත් වේ.කිලෝග්‍රෑම් 2400ක බරින් යුත් නූතන පරමාණු බෝම්බයක පිපිරුම් ශක්තිය ඩයිනමයිට් ටොන් දොළොස් ලක්ෂයක් පිපිරීමේදී ඇතිවන තාප හා ස්පෝඨක බලයට සමානය.



2.Cobalt Bomb(කොබෝල්ට් බෝම්බ)
සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයකින් නිකුත් වන විකිරණයට වැඩි විකිරණයක් ඇති කරනු පිණිස සැලසුම් කර ඇත.මේ බෝම්බය නිසා විකිරණයට ලක්වන ස්ථානයෙහි පරම්පරා ගණනාවකට ගහකොළ පවා නොවැඩෙන බව කියනු ලැබේ.1950දී හංගේරියානු ඇමරිකන් භෞතික විද්‍යාඥ ලියෝ පිලාඩ්ට ඇතිවූ අදහසකට අනුව සැලසුම් කරන ලදී.තවමත් මෙම බෝම්බය නිෂ්පාදනය කර නැත.

3.Dirty Bomb(ඩර්ටි බෝම්බය)
සාම්ප්‍රදායික පුපුරණ ද්‍රව්‍ය(ජෙලිශ්නය� ��ට්) යන විකිරණශීලී මූල ද්‍රව්‍යවල එකතුවක් ලෙස නිෂ්පාදනය කෙරෙයි.මෙය පිපිරවීම මඟින් සිදුවන ජීවිත හානිය එතරම් විශාල නොවූවද බෝම්බයේ ස්වභාවය නිසා එය පුපුරණ ප්‍රදේශයේ සිටින ජනයා බියට පත්ව දිගු කාලීන ආතතියකට ගොදුරුවෙයි.


4.Electromagnetic Bomb(ඉලෙක්ට්‍රොමැග්න ටික් බෝම්බ)
විද්‍යුත් චුම්බක විකිරණයකට පුපුරා යෑමට සැළැස්වීම ඉහත සඳහන් බොම්බයේ ක්‍රමවේදයයි.මෙවැන� �� බෝම්බයක් පෘතුවියට අඩි 35000ක් පමණ ඉහලින් පිපිරවීම පෘතුවියේ ගුවන් විදුලි තරංග, විදුලි රැහැන් පද්ධති, චන්ද්‍රිකා සංඥා යනාදිය කඩාකප්පල් වේ.1945 සිට මෙවැනි බෝම්බ සෑදීම ගැන පරීක්ෂණ පවත්වනු ලැබේ.


මේවාට අමතරව හයිඩ්‍රජන් බෝම්බය, නියුට්‍රන් බෝම්බය යනාදිය ගැන පර්යේෂණ පැවැත්වෙන අතර ප්‍රබන්ධ කතාවල එන නැකඩා නැමති බෝම්බයද සංකල්ප මට්ටමේ පවතී.නැකඩා යනු මේ චක්‍රාවාටයේ ඇති මිල අධිකම ඛනිජ ද්‍රව්‍යයි.එහි න්‍යෂ්ටික ධාරිතාවයද ඉතා විශාලය.

ZOOM එකේ hemantharr 
උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.

    1 comment:

    1. ඔබට මූල්‍යමය උදව් අවශ්‍යද? ඔබ කිසියම් මූල්‍ය අර්බුදයක සිටිනවාද? නැතහොත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබේ ණය පියවීමට හෝ බිල් ගෙවීමට හෝ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබට අඩු ණය ලකුණු ප්‍රමාණයක් ඇති අතර දේශීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ප්‍රාග්ධන සේවා ලබා ගැනීම ඔබට අපහසු ද? අපගේ සමාගමෙන් මූල්‍ය සේවා ලබා ගැනීමට ඔබට ඇති අවස්ථාව මෙන්න. අපි පහත සඳහන් මුදල් පුද්ගලයන්ට ලබා දෙන්නෙමු.
      * වාණිජ මූල්‍ය
      *පෞද්ගලික මූල්ය
      * ව්‍යාපාර මූල්‍ය
      ඉදිකිරීම් මූල්‍ය
      * ව්‍යාපාර මූල්‍ය සහ තවත් බොහෝ දේ:
      සහ තවත් බොහෝ දේ 3% පොලී අනුපාතයට;
      විද්‍යුත් තැපෑල හරහා අප අමතන්න: Personalloanesay@gmail.com

      ReplyDelete

    Blogroll

    Related Posts Plugin for WordPress, Blogger...

    Blogger templates

    lankeeya sithuwili