පෘතුවියේ අත්භූත ස්ථාන 5ක්




1.බර්මියුඩා ත්‍රිකෝණය
දූපත් තුනක් එකට යාකොට පිහිටා ඇති මෙම ප්‍රදේශය අභිරහස් ප්‍රදේශයක් ලෙස සැලකෙන්නේ එම ප්‍රදේශය තුලින් ගමන් කර ඇති සමහරක් නැව්, බෝට්ටු පමණක් නොව ගුවන් යානා පවා කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදහන් වීම නිසයි.විදුලි උපකරණ ක්‍රියාවිරහිත වීමේ ප්‍රවණාතාවක් මෙම ප්‍රදේශය තරණයේ දී දක්නට ලැබෙන අතර. ඇතුලත සිටින පිරිස් හට අවට ලෝකය සමග සන්නිවේදනයේ පවා ගැටලු මතුවේ. දූපත් 7ක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර, ඉතා කුඩා දුපත් 150 පමණ දක්නට ලැබේ. මෙහි ඇති බර්මියුඩා දූපත විශාලම දූපත වනතර එය දැනට මහා බ්‍රිතානයේ යටත් විජිතයක් ලෙස පවතී.

2.මෝගුයේචෙන් / රාක්ෂ නගරය
මෙම නගරය චීනයේ සින් යැන්ග් ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එයහි වර්තමාන ස්භාවය අනුව දැනට මෙය කාන්තාරකාරි ස්භාවයක් ගනි. මෙහි ඇති අපූරත්වය නම්. යම් කිසි කෙනෙකු මෙම නගරයේ බලකොටුව දෙසට සක්මන් කිරිමේදී මද සුළග හමන වෙලාවට එකී පුද්ගලයාට ඇතීන් ඉතා මිහිරි නාද ඇසීමට පුලුවන ඒවා ගිටාරයක තත් එකිනෙක පිරිමැදීමේදී නැගෙන කන් කලු නාදයට හෝ ගෙජ්ජි සෙලවීමේදී නැගෙන නාදයට ශබ්ද රසයෙන් සාමානවේ. නමුත් වා සුළි නැගෙන කාලයන්හි මෙහි එම ශබ්දය ඉතා ගුප්ත භයංකාර නද නිකුත් කරන අතර එම ශබ්ද කොටියෙකුගේ බිහිසුණු ශබ්දයටද, මරළතෝනී නගන ගැහැනියෙකුගේ හෝ ඌරෙකු ඝාතනයේදි නැගෙන ශබ්දයට සමානවේ. රාත්‍රි කාලයේදී හිරි ගඩු පිපෙන ආකාරයේ ශබ්ද නිකුත් කරන මෙම අඩවිය කවුරුන් විසින් ගොඩනගන ලැදැයි තවම අභිරහසකි.

3.උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති යෝධ පිරමීඩ
මෙම යෝධ පිරිමීඩ උතුරු අප්‍රිකාවේ නයිල් ගංගාව ආශ්‍රිතව පිහිටා ඇති අතර ප්‍රධාන වශයෙන් පිරමීඩ 80 පමණ මෙකී ප්‍රදේශන්හි දක්නට ලැබේ.ඉතා බැරැති ගල් එකක් මත එකක් තබා සාදා ඇති මෙකී නිර්මාණයන් පාරාවෝ රජවරුන්ගේ කාලෙයේදි නිර්මාණය කළ ඇති බව සදහන්. මෙහි ඇති අපූරත්වය නම් මේකී ගල් පැහීමට එකදු ගම් වර්ගයක් හෝ බදාමයක් නොයොදා තිබීමයි. අවුරුදු 5000 කට වඩා ඈත අතීතයක් තිබෙන මෙම නිර්මාණයන්ට සොර සතුරු, විවිධ ආක්‍රමණ, ස්භාවික පිඩාගෙන් මිදී තවමත් වැලි කතරේ වීරයේකු ලෙස සිටීමට හැකි වීම තවමත් අභිරහසකි.

4.ඇන්ටාර්ටිකාවේ වි‍යළි නිම්නය
ඇන්ටාර්ටිකාව යනු ඉතා විශාල ප්‍රදේයක් පුරා පැතිරි ඇති අඩු සත්ව ඝන්ත්වයක් සහිත තනිකරම මහද්වීපයකි. එහි ඇති අයිස් තට්ටුව 2kM පමණ සාමාන්‍යෙන් ඝනකම් වන අතර එය සමහර කාල වලට 4kM පමණ දක්වා විහිදී යැයි. ශ්‍රීලංකවේ සිට කෙලින්ම දකුණට ගියොත් හමුවන්නේ ඇන්ටාර්ටිකාවයි නමුත් ඒකී දුර යුරෝපේ සිට ඇමරිකාවට අත්ලාන්තික් සයුර හරහා තිබෙන විස්ථාපනයට වඩා විශාල වේ. මෙහි ඇති වියළි නිම්නය අයිස් වලින් තොර ප්‍රදේශයක් වනතර එය පුදුමයක් වන්නේ මුලු මහද්වීපයම අයිස්වලින් වැසී යද්දී දැවන්ත ප්‍රදේශයක් අයිස් වලින් තොරව පිහිටා තිබීම නිසයි.

5.මරණයේ ද්වාරය
චීනයේ ටිබේට්,ෂින්හයි,ෂින ්ශැන් මායිම්ව පිහාටා තිබෙන අති දැවැන්ත ලෙස දිවෙන කන්ලන් කදුකරයේ පිහිටා ඇති මෙම අඩවිය තහනම් අඩවියක් ලෙස චීන බලධාරිහු නම් කර ඇති අතර. ඒසේ වීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ පවතින දැඩි ගුප්ත බව හෝ වෙනයම් කරුණක් නිසාදැයි තවම පැහැදිලි නොමැත. කෙසේ නමුත් ඛනිජ සම්පත් සහ භූ විද්‍යා ගවේශන කණ්ඩායමකට ඇසී ඇති තොරතරකට අනුව 1983 වසරේදී මෙම ප්‍රදේශයේ අත්භූත ආකාරයකට මිනිසෙක් මැරී ඇති බවත්. ඔහුගේ සිරුරේ කිසිදු පැල්මක් නොතිබූ බවත්, වාර්තා වෙනවා. ඇට සැකිලි, තැන තැන විසිරි පවතින පුරාණ සොහොන් ගහන මෙම අඩවිය කිසි කෙනෙකු නොයන . ගියහොත් ආපසු නො එන මෙම අඩවිය ඉතා අනතුරු දායක ලෙස සැලකිය හැක.


උපුටා ගැනීම - "ලොවෙත් නෑ"

3 comments:

  1. හොඳ උත්සාහයක්. නමුත්සිංහල නම් අන්තිම දුර්වලයි. ඒ කියන්නේ පරිවර්තනය අන්තිම නරකයි. පෘතුවිය නෙවෙයි පෘථිවිය, කාන්තාරකාරි කියලා වචනයක් කොහෙවත් නැහැ. කාන්තාරමය තමයි නිවැරදි වචනය. අංක 5 ඡේදයේ අතර කියන වචනයට තිතක් යොදා වාක්‍යය අවසන් කිරීම හාස්‍යජනකයි. කිසිදු පැල්මක් නැතුව මිනිසකු මැරී තිබේ කියන්නේ මොකක්ද? මිනිසුන් මැරෙන්නේ පැලිලාද? සැලකිය හැක. හැක කියන්නේ සැකයි කියන එකයි. හැකිය තමා නිවැරදි වචනය.

    ReplyDelete
  2. අත්භූත නෙවෙයි අද්භූත

    ReplyDelete
  3. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාර වලට. ඊලග ලිපි වලදි වැරදි නිවරැදි කරන්නම්.

    ReplyDelete

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...

Blogger templates

lankeeya sithuwili